01
නිල් සාගර ආර්ථිකය
සාගරය, මුහුදු සම්පත් සහ ජල පද්ධති පදනම් කරගත් ආර්ථික ක්‍රියාකාරකම්
උදා:- මත්ස්‍ය කර්මාන්තය, නාවික කර්මාන්තය, වෙරළ සංචාරක ක්‍රීඩා, මුහුදු පත්ලේ සම්පත්
02
නිල් අහස ආර්ථිකය
අහස, අභ්‍යවකාශය සම්බන්ධ නවෝත්පාදන, ගුවන්ගත තාක්ෂණය, වායු ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම හා අහස් සම්පත් භාවිතය මත පදනම් වූ ආර්ථික ක්‍රියාකාරකම්.
03
හරිත පෘථිවි ආර්ථිකය
පරිසර හිතකාමී, තිරසාර ක්රමවේදමත ගොඩනගාගෙන, භූමියේ සම්පත් පරිසරයට හානි නොවන ආකාරයට භාවිතා කරගන්නා ආර්ථික කර්මාන්ත
04
විද්‍යාත්මක ආර්ථිකය
විද්‍යාත්මක ගවේෂණ, පර්යේෂණ සහ නව නිපැයුම් මත පදනම් වෙමින් ආර්ථික වර්ධනය සිදුකරන ආර්ථික පද්ධතිය
05
තාක්ෂණික ආර්ථිකය
තොරතුරු තාක්ෂණය, යාන්ත්‍රීකරණය, කෘතීම බුද්ධිය, නව සම්මිශ්ර තාක්ෂණ මත පදනම් කරගෙන ආර්ථිකය ඉදිරිපත් කරන ආකාරය
06
මානව සම්පත් ආර්ථිකය
ජනතා හැකියාව, කුසලතාවය, පුහුණුව, දැනුම, ප්‍රතිභා සහ කාර්යක්ෂමතාවය මත පදනම්ව ගොඩ නගන ආර්ථික පද්ධතිය