- විවිධ විෂය ක්ෂේත්‍ර වලට අනුව “සිතුවිලි ගබඩා” ඇති කිරීමට, ශ්‍රී ලංකාවේ ජනතාව ඒකරාශී කර ශක්තිමත් බහුජන සංවිධානයක් යළි නැගීම සහ එම විවිධ විෂය ක්ෂේත්රයන් සඳහා ජාතික සැලසුම් සකස් කිරීමට දායකවීම සහ විදේශ විනිමය උපයා ගැනීමට නව අවස්ථාවන් සොයා ගැනීම.
- ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ණය අර්බුදයන් මිදීමට කෙටි කාලීනව, මධ්‍ය කාලීනව සහ දිගු කාලීනව විසඳුම් සොයා ගැනීම සඳහා ණයහිමි රටවල්, ණයහිමි ආයතන සහ එයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සමඟ තවදුරටත් ඉදිරියට සාකච්ඡා පවත්වා ගැනීමටත්, එම ගැටළුව විසඳා ගැනීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමටත් රජයට සහයෝගය ලබා දීම සහ දායක වීම.
- ජනතා සහභාගිත්වය සහ ජනතාවගේ ආශීර්වාදයන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට ජාතික වැඩසටහනක් නිර්මාණය කිරීම සහ රජය සහ පෞද්ගලික අංශ සමඟ එක්ව පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල තුළ විද්‍යාව සහ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ සෑම පලාතකම විද්‍යා සහ තාක්ෂණික උද්‍යාන ඇති කිරීමට කටයුතු කිරීම.
- විදේශ රටවල තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පරිපාලන ව්‍යුහයන් සහ අමාත්‍යාංශ පිළිබඳව පුළුල් අධ්‍යයන සදහා ඒවායේ අන්තර්ගතයන් ශ්‍රී ලංකාවට ගළපා ගැනීමට විශේෂ අධ්‍යයන සහ පර්යේෂණ කණ්ඩායමක් ඇති කිරීම සහ එම විශේෂඥ කණ්ඩායම මගින් එක් එක් විෂය ක්ෂේත්‍ර යාවත්කාලීන කිරීම සහ සංවර්ධනය කිරීම සහ විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සහ එම රටවල පුරවැසියන්ගේ සහයෝගය ජනතා පර්යේෂණ සහ සංවර්ධන කමිටු සඳහා ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම.
- ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාලව විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මගින් සදහන් කරන පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන ප්‍රකාශයට පත් කිරීමට සහය වීම සහ ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කරගනිමින් එම නව දැනුම සමාජගත කිරීම සඳහා සහය ලබා දීම.
- සියලුම පුරවැසියන්ට ; ජාති, ආගම්, කුල, ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනාදියන්ට අභිබවා – දැනුම පදනම් කරගත් සමාන අවස්ථාවන් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම තුළින්, ජාතික සංහිඳියාව සහතික කරගත් ජාතික සංවර්ධනය සඳහා දායක වීම.
- ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශය උපාය මාර්ගික ක්රමයේද සකස් කිරීම.
- ජනතා ප්‍රශ්න විවෘතව සාකච්ඡා කර එම ප්‍රශ්නවලට විද්‍යානුකූලව විසඳුම් සොයා ගැනීමට ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් යෝජනා සකස් කර දීම සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව යොදවා ගැනීම.
- සම්ප්‍රදායන් බැහැරව සිතීමටත් නව සංකල්ප රටට ඉදිරිපත් කිරීමටත් ජනතාව සහ එක් එක් විෂය ක්ෂේත්රයන්ට සම්බන්ධ ප්රාමාණිකයින් උනන්දු කරවීම සහ ජනතාවගේ වැරදි ආකල්ප සහ වැරදි පුරුදු වෙනස් කිරීමට ඔවුන් විද්‍යානුකූලව දැනුවත් කිරීම සහ රට ගැන සිතන, පරාර්ථකාමී, සංවේදී, කාරුණික මිනිසුන් යථාරුප සංවර්ධනය මගින් නිර්මාණය කිරීම.
- බහුතර ජනතාවක් සාමූහිකව එක්වී කණ්ඩායම් හැඟීම්වලින් කටයුතු කිරීමට පුරුදු කරවීම සහ ජාතික, පලාත් සභා සහ පලාත් පාලන ආයතන වල අය-වැය සකස් කිරීමට ජනතා සහභාගිත්වය ලබා දීම.
- ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට ඔවුන් උනන්දු කරවීම, දැනුවත් කරවීම, යහපෝෂණය කරවීම සහ ශිල්පීය ඥානයයන් සන්නිවේදනය කරවීම.
- ජනමාධ්‍ය උපයෝගී කරගෙන විශේෂඥයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහය උපරිම ලෙස ලබා ගනිමින්, දේශපාලන පක්ෂ වශයෙන් පිළිවලට යටත්වීමෙන් තොරව රජයේ සෑම කටයුත්තකටම විරුද්ධ නොවී වැඩවර්ජන සිදු නොකර, නිර්මාණශීලී වාද විවාද සිදු කරමින්, නිර්මාණශීලී තර්ක විවර්ත ඉදිරිපත් කරමින්, වටිනා කාලය නිකරුණයෙන් නාස්ති නොකරමින් බහුතරයක අදහස් හා යෝජනා සුහදව සංවාදශීලීව සාකච්ඡා කර ජනතාවගේ යහපත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය සම්මුතියට පැමිණීමට සැලසුම්කරුවන්ට සහ බලධාරීන්ට නිවැරදි කරුණු විද්‍යානුකූලව වටහා දීමට කටයුතු කිරීම.
- ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට ක්‍රියාකාරීව වැඩසටහන් ක්‍රියාත්මක කරන සියලුම ව්‍යාපාරිකයින්, රටය වෙනුවෙන් කැපවීම් කරන විවිධ ක්ෂේත්රවල ප්රාමාණිකයින්, විකල්ප කණ්ඩායම් සහ පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා ආරම්භ කර එම සංවිධාන සහ පුද්ගලයින් සමඟ එක්ව ඔවුන්ගේ සියලුම යෝජනා සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහ සහය ලබා දීම සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා අපගේ ක්‍රියාකාරිත්වයේ වර්ධනය සඳහා ලබා ගැනීම.
- විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා; ශ්‍රී ලංකාවේදී හෝ ඉන් පිටතදී ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය සෘජුවම සම්බන්ධ කර ගැනීම.
- පලාත් පාලන මැතිවරණය, පලාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සහ එම ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීම / ඉවත් කිරීම පිළිබඳව දැනට පවතින ක්‍රමවේදය සහ දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසන් සභාවේ අළුතින් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහ ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කිරීම..
- ජනතා පර්යේෂණ සහ සංවර්ධන කමිටු වලින් ලැබෙන දත්ත විශ්ලේෂණය කර ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාපත්රයක් හෝ නීතිමය ප්‍රතිසංස්කරණ සකස් කිරීමට දායක වීමත් මීට පෙර ඇති වූ ජනවාර්ගික, ආගමික ආදී ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ව්‍යුහමය සංශෝධන සිදු කිරීමටත් කටයුතු කිරීම..
- ශ්‍රී ලංකාවේ පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සම්මුතියකට පැමිණ එමගින් ඒ සඳහා ඓතිහාසික වශයෙන් මැදිහත් වී සිටින පාර්ශ්වකරුවන් සමඟ සුහද සාකච්ඡාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය යොමු වීම සහ ඒ සඳහා උනන්දු කරවීම.
- ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ඇතුළු සන්නිවේදන සංඛ්‍යාත සහ අන්තර්ජාල පහසුකම් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව සහ අදාල බලධාරීන් සමඟ සංවාද පැවැත්වීම සහ සිදු කළ යුතු සංශෝධන පිළිබඳව අදාල බලධාරීන් සමඟ එකඟත්වයකට පැමිණීමට කටයුතු කිරීම..
- අනාගත නායකයින් නිර්මාණය කිරීමට සුදුසු රාමුවක් සකස් කර ගැනීම සඳහා නීතියට ගරුක, විනයට ගරුක, නීතිය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය කිරීමට කැපවූ නිර්මාණශීලී නායකයින් පත්කර ගැනීමටත්, නීතියට යටත් රටක් නිර්මාණශීලීව සංවර්ධනය කිරීමටත්, රාජ්‍ය යන්ත්‍රණය දැඩි විනයකට යටත්ව වගවීමටත්, රාජ්‍ය කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීමටත්, දූෂණය පිටුදැකීමටත් ඒ සඳහා දැඩි යාන්ත්‍රණ සකස් කිරීමටත් දායක වීම.
දැනුම ලංකා පර්යේෂණ සහ සංවර්ධන ආයතනය.